Monday, February 22, 2016

Java Main Method

කාලෙක ඉදල හිතාගෙන ඉන්න වැඩක් වෙලාවක් හම්බුනා නිසා වැඩේ පටන් ගත්ත මේක මගේ 1 st blog post එක පට්ට චෝර වෙයි අව්ලක් නැ කියවල තියන අඩුපාඩු comment කරන්ඩකෝ.

එහෙනම් අපි වැඩේට බහිමු අද මම කියන්ඩ හදන්නේ මුලින්ම java ඉගන ගන්න අයට වැදගත් වන දෙයක් java programming language එකේ main method එක ගැන හැමෝම දන්නවා java කියන්නේ compiler language එකක් ඒ කියන්නේ අපි ලියන java code එක compiler එකක් එකක් හරහා තමයි machine language එකට convert වෙන්නේ. මේ process එක වෙනකොට අපි ලියපු code එකේ වැරදි තියනවනම් ඒවත් errors විදිහට පෙන්නනවා මේ විදිහට ඔක්කොම errors නැති උනාම අපිට පුළුවන් අපේ java code එක run කරන්ඩ code එක run කරනකොට JVM(java virtual machine) එක මුලින්ම හොයාගෙන යන්නේ main method එකට එකයි මේක මේ තරම් වැදගත්.

අපි හැමෝම දන්නවා java කියන්නේ object oriented programming language එකක් ඉතින් එක එක class එකට අදාල object හදන්නේ, අනිත් class වල තියන method call කරන්නේ මෙන්න මේ main method එක ඇතුලේ. තවත් සරලව කියනවනම් අපි උදාහරණයකට මොකක් හරි product එකක් හදන factory එකක් ගම්මු එකේ තියනවා main machine එකක් සහ තවත් පොඩි පොඩි machine ඉතින් මේ main machine එකෙන් කරන්නේ අර පොඩි පොඩි machine වලින් හදල දෙන ඒවා එකතු කරලා final output එක දෙන එක අන්න ඒ වැඩේම තමයි java වල main method එකෙනුත් කරන්නේ දැන්නම් කට්ටියට කලින්ට වඩා හොදටම තේරෙනවා ඇති කියල හිතෙනවා.

main method එකත් java වල normal method වගේම තමයි normal method ගැන මම ඊලග post වලින් කතා කරන්නම්කො දැනට මෙහෙම මතක තිය ගන්ඩකෝ. main method එකත් තියෙන්නේ java වල class එකක් ඇතුලෙම තමයි බලන්ඩකෝ මම පහලින් දාන්නම් මෙච්චර වෙලා කියපු එකේ structure එක එතකොට තවත් තේරුම්ගන්ඩ පුළුවන් වෙයි.



හරි දැන් අපි බලමු ම එකින් එකට තියන තේරුම් මොනවද කියල මම කලින් කිව්වනේ main method එකත් තියෙන්නේ class එකක් ඇතුලේ කියල අන්න ඒ class එක තමි ඔය class A කියල තියෙන්නේ .
main method එක වෙන්නේ ඉතුරු ටික තමයි දැන් බලමු මොකක්ද public කියන්නේ කියල public කියන්නේ access modifier එක එකෙන් තමයි method එකේ scope එක තීරණය කරන්නේ ඒ කිව්වේ ඒ method එක use කරන්ඩ පුළුවන් ඒක තියන class එක ඇතුලේ විතරද වෙනත් class වල ඉදලත් පුලුවන්ද කියන එක දැනට එහෙම මතක තිය ගන්ඩ පස්සේ access modifiers ගැන වෙනම post එකක් දාන්නම්කො.ඉතින් මේ main method එක JVM එකෙන් ඕනි තැනක ඉදල access කරන්ඩ පුළුවන් වෙනඩ ඕනි අන්න ඒ හේතුව නිසා තමයි අපි මෙතන public කියල දාල තියෙන්නේ.

දැන් බලමු static කියල දාන්නේ මොකද කියල අපිට මොකක් හරි method එකක් variable එකක් මුලින්ම Ram එකට load කරගන්ඩ ඕනි නම් තමයි අපි static key word එක use කරන්නේ ඉතින් මම කිව්වනේ හැම දෙයක්ම කරන්නේ main method එක ඇතුලේ කියල එහෙනම් ඉතින් ඔක්කොටම කලින් එක load වෙනඩ ඕනි කියල පොඩි ළමයෙකුටත් තේරෙනවනේ ඒ නිසා තමයි අපි static කියන එක ඔය දාල තියෙන්නේ.

factory එකක machine එකක් ගත්තම මොකක් හරි output එකක් එලියට එනවනේ ඒ වගේම තමි java වලත් method එකකින් ඇතුලේ process වෙලා මොකක් හරි data එකක් එලියට return කරනවා හැබැයි පෙළක් වෙලාවට මුකුත් return කරන්නේ නැති වෙලාවලුත් තියනවා ඉතින් ඔය void කියල දාල තියෙන්නේ එක තමයි main method එකෙන් අපි මුකුත් return කරන්නේ නැ එලියට ඇතුලේ ඉදන් call කරන එක තමයි කරන්නේ එහෙම මුකුත් return කරන්නේ නැති වෙලාවට java වල return type එකට දාන key word එක තමයි ඔය void කියන්නේ. මොකක් හරි return වෙන වෙලාවට දැන් ඒවා ගැන method ගැන කියල දෙනකොට කියන්නම්කො.

ඊළගට තියෙන්නේ main කියල ඕක තමයි method එකේ method name එක. ඒක main වෙනද ඔනිමි කියල නීතියක් නෑ නමුත් අපි java වල standard එකක් විදිහට main කියල use කරනවා.

ඊළගට තියෙන්නේ parameter list එක මේක ගැනනම් කිව්වට දැම්ම වැඩිය තේරෙන එකක් නැ එත් පොඩ්ඩක් කියන්නම්කො තව තව java ඉගන ගන්නකොට මේක ගැන තේරුම් යයි. factory එකක machine එකක් උනත් නිකම්ම output එකක් දෙන්නේ නැනේ එකට අවශ්‍ය අමුද්‍රව්‍ය අපි දෙන්ඩ ඕනි ඒ වගේම තමයි method එක ඇතුලේ මොනවා හරි දෙයක් කරගන්ඩ අපි data method එකට pass කරන්ඩ ඕනි එකට තමයි මේ parameter list එක අපි use කරන්නේ. main method එකේ තියන විශේෂත්වය තමයි අපි මේකට arguments pass කරන්නේ command line එක හරහා ඒ pass කරන හැම එකක්ම string array එකක් විදිහට තමයි ගන්නේ ඒක නිසා තමයි ඔය args කියන නමින් string array එකක් තියෙන්නේ එකේ name එකත් args වෙන්ඩම ඕනි නැ ඔන name එකක් දෙන්ඩ පුළුවන් නමුත් අර main method එකේ name එක main උන කතාව මෙතනටත් අදාලයි.

අන්තිමට තියෙන්නේ method body එක එක ඇතුලේ තමයි අපි කරන්ඩ ඕනි අනිත් හැම දේම කරන්නේ method call කරන ඒවා, object හදන ඒවා සියල්ලම වගේ.

තව පොඩි දෙයක් කියන්නම් හැබයි එක main method එකට අදාල නැ ඒ උනාට ඉස්සරහට දාන post වලට මේක නැතුවම බැරි වෙන නිසා මේක පොඩ්ඩක් කියන්නම්.method එකක් ඇතුලේ හරි කොහේ හරි අපි data manipulate කරලා ගන්න result එකක් java වලින් user ට බලාගන්ඩ පුළුවන් විදිහට print කරගන්නේ කොහොමද කියල තමයි දැන් කියන්ඩ යන්නේ. අපි result එක print කරගන්ඩ use කරන්නේ output stream එකක් එකට java වල use කරන්නේ system.out කියන stream එක එක කරන්නේ කොහොමද කියල පහල උදාහරණයකින්ම පෙනන්නම්කෝ.


මේ programme එකේ output එක වෙන්නේ screen එකේ Hellow world කියල print වෙන එක.

මම හිතනවා දැන් හැමෝටම main method එක ගැන හොද අවබෝදයක් ලැබෙන්ඩ ඇති කියල පලවෙනි post එක හින්ද හොදටම නැතුවත් ඇති තියන අඩුපාඩු මොනවද කියල කියන්ඩ ඊලග post වලදී හදාගෙන හොදටම මේ වැඩේ කරගෙන යන්ඩ එහෙනම් යාලුවනේ තවත් මෙවැනිම post එකකින් හමුවෙමු ජයවේවා..........!


17 comments:

  1. ela broooo!!!
    keep it up kollo.. wadeee hondaii patta...(y) :)

    ReplyDelete
  2. Really a useful post (Y) Thanks for publishing such a good one :) keep it up

    ReplyDelete
  3. ela machan.. keep it up.. good luck

    ReplyDelete
  4. Really nice machan... It is described from the scatch so that anyone can understand. Keep it up machan.. Hope hear more.... :)

    ReplyDelete
  5. patta machooo ela.... Keep it up.... :)

    ReplyDelete
  6. ela bro... digatama liyapn. english post deka thunakuth dapn. (Y)

    ReplyDelete